Category Archives: අමතක නොවන මතක

මට වැඩිය ඉතාලි පුලුවන් බල්ලා.

සම්මත

මේ සිද්දිය උනේ මම ඉතාලියට ඇවිත් මාසෙකින් විතර.අපේ ගෙවල් අයිතිකාරයට හිටිය ලොකු බල්ලෝ 2ක්.එක්කෙනෙක් කිලෝ 60 විතර බර ඇති.ගෑනු සතා ස්ටෙල්ලා, පිරිමි සතා ඒත්තොරේ.ජනකගේ අම්ම හිටියේ අපේ කාමරේ ඉදල මිටර්200 විතර ඈත.අපි වෙනම.ජනකත් අපු දවස් වලම මිනිස්සුන්ට වගේම බල්ලන්ටත් මාව අදුන්නලා දුන්නා.නැත්තන් මම එහෙට මෙහෙට යනකොට ඇගට පැන්නොත්.

 මෙන්න මේ වගේ පෙනුම.හැබැයි හරි මහතයි.දැන්නම් දෙන්නම මැරිල.ඒත්තොරේගේ වැඩේ වාහන පස්සෙන් බුර බුර යන එක.එකපාරක් කව්ද හප්පලා 3000 යුරෝ වියදන් කරල ඔපරේෂන් කලා.පස්සෙ ආයෙත් හැප්පිලා ස්ටෙල්ල මැරුනා.බල්ලව පුච්චන්න යන 800 යුරෝ(ැ.120000)හප්පපු අය දුන්න.ඒත්තොරේත් පස්සෙ ලෙඩ වෙලා මැරුනා.

ඔන්න දවසක් මම අපේ කාමරේ ඉදල අම්මලාගේ ගෙදරට යනවා.එකම ඉඩමේ 2කම තියෙන්නේ.ස්ටෙල්ලා මගේ පස්සෙන් ආවා.ඒකානම් සුරතල්.ඒත් මම බයට එලවන්න වියැනේ කිව්වා.යන්නේ නෑ.තව පාරක් කිව්වා ඒත් යන්නේ නෑ මගේ පස්සෙන් එනවා.දැන් ටිකක් හිතටත් බයයි.අපි බල්ලෝ එලවන්න ටිකක් සැරට කියන විදියට කිව්වා.ඒත් පස්සෙන්ම එනවා.දුවන්නත් බයයි.ඇත්තට ඒකටත් එක්ක ලංකාවේ බල්ලන්ට චිප් කිව්වනම් දුවනවා.මට හිතුනා.

දොරකොඩදි තව පාරක් සැරට වියැනේ කියං මම ගෙට ගියා.ජනක ඇහුව ඇයි කියල.

‘‘මම බල්ලව එලෙව්වා ඒත් පස්සෙන්ම එනවනේ‍‍‍ ‍‍‘‘ මම කිව්වා

‘‘මොනා කියලද එලෙව්වේ‘‘

‘‘වියැනේ‘‘ කියල මමත් කිව්වා

කට්ටියම හිනා උනා නෙමේ හිනා ගියා.බැලින්නම් වියැනේ කියන්නේ එන්න කියල.යන්නනම් වායි කියන්න ඕන.බල්ල හිතන්න ඇති මේ මොන මෝඩියෙක්ද එන මට තවත් සැර කර කර එන්න කියන්නේ කියල.ඔන්න බලන්න බල්ලටත් මට වැඩිය ඉතාලි පුලුවන් හැටි.දැනටත් මට ඉතාලි කතා කරන්න ටිකයි පුලුවන්. ඒ උනාට කියන ඒවා ගොඩක් තේරෙනවා..ඒ උනාට බලෙන් ටිකට් කපන් ආවා.ඒ කතාව මෙහෙමයි.

පුතාට මාස 8.හොදටම උන.40 ට.අපි බෙහෙත් ගන්න ගියාම පුතාව නවත්ත ගත්තා.දවස් 4 විතර හිටියා.හේතු 2 නිසා මට ඉන්න එපා උනා.හොද වෙලත් තවත් බලන්න කියල තියා ගන්නවා.තව ලෙඩ ලමයි ආවම ආයේ  උන ගන්නවා.ඒක 1.අනෙක මාව කාමරේ මාරු කරල දෙවනියට දාපු නාමරේ හිටපු zingari ගෑනු කෙනා.එයාගේ පුතාගේ දුවව බලාගන්න තමයි එයා හිටියේ.අවුරුදු ඒකාමාරක් ඇති ළමයට.හරිම ලස්සනයි.රෝස මලක් වගේ.

.මේ  තියෙන්නේ මම එයාව ගත්ත photo එක.

ඒ ගැනු කෙනා තනියම කියවනවා.අපේ කාමරේ හිටිය ඉතාලි කට්ටිය එලියට යනකන් ඉදල ඒ ගොල්ලන්ගේ බිස්කට් කනවා.බෑග් එකට අතදාලා සල්ලි හොයනවා.සිකරට් බොන්න යනවා පැය 2 විතර පොඩි එකා දාලා.ළමයිට වගේම අම්මලාටත් කන්න දෙනවනේ.මගෙන් කන්නේ නැද්ද අහල මගේ එකත් කනවා.එයා උදේට නාලා ඇදන් හිටපු ඇදුම කුනු බෑග් එකට දාල තමයි දවස පටන්ගන්නේ.රෑට පුතා ඇඩුවොත් හිමින් කියව කියව මට බනිනවා.කලින් කාමරේ හිටිය ඉතාලි ගෑනු කෙනා අපේ පුතාට හරි ආදරෙයි.එයාගේ පුතා අවුරුදු 12 විතර ඇති.ජිවිතේ බේරන්න බෑ කියල.ළමයට නොපෙනෙන්න ඒගොල්ලෝ අඩ අඩ හිටියේ.ලෙඩේ මොක්ද කියල මට තේරුමක් නෑ.ඒයා නිතර ඇවිත් අපිව බලනවා.රෑට පුතා අඩනව ඇහුනත් ඇවිත් මට නලව ගන්න උදව් වෙනවා.ජනක රෑ 10 විතර වෙනකන් ඉදල යන්නේ.

මේ මගේ පුතා.hospital එකේ ඉන්නවා 

මේ hospital එකෙන් එළිය පේන හැටි.

ඔන්න ඉතින් කතාවත් අමතක වෙනවා.ඔන්න අද යවනවා කියනවා අපිව ගෙදර .ආයේ හෙට එන doctor කියනවා තව දවසක් ඉන්න වැඩි හොදට කියල.මම දන්න ඉතාලියෙන් කිව්වා මට යන්න ඕනමයි කියල.doctor කිව්වා බලෙන් ටිකට් කපනවා කියල ලියන්න කියල.මම කිව්වා ඩොක්ටර් ලියන්න මම අත්සන් කරන්නං කියල බලෙන් ටිකට් කපන් ගෙදර ආවා.

ඉතාලි හොදට බැරි උනාට මොකද බලෙන් ටිකට් කපන් එන්න තරම් මට ඉතාලි පුලුවන් ඒකම මදෑ……….

ඉතාලිය ගැන මගේ ඇසින්.

සම්මත

සෙන්ගරි ගැන ලිව්ම මට හිතුනා ඉතාලිය ගැන තව ටිකක් ලියන්න.බොහෝ දෙනා හිතන් ඉන්නේ ඉතාලිය සුරපුරක් කියල.ඒකට ප්‍රධානම හේතුව මෙහේ ඉදල යන බෝහෝ දෙනා ලංකාව තුල මවන්න උත්සාහ කරන්නේ ඒ වගේ ප්‍රති රෑපයක්.අවුරුද්දක් මෙහේ දුක් විදල හම්බකරල ඒත් හතර අතටම නයවෙලා ලංකාවට ගිහින් කවදාවත් දුවිල්ලක් වත් නොඅල්ලපු ගානට තමයි මින්ස්සු හැසිරෙන්නේ.අපිට නම් සල්ලි ගානක් නෑ කියල තමයි පෙන්නන්න හදන්නේ.ඒකෙන් වෙන්නේ ඒ දුක්විදල හොයපු සල්ලි ඒවා ලබන්නන්ට ගානක් නැතුව යන එක.වටිනාකමක් නැතුව යන එක.

ඔය කොයි කොයි රටෙත් දුප්පත් පොහොසත් හැම කෙනාම ජිවත් වෙනවා.ඉතාලියෙත් එහෙමයි.SMA  කියල මාකට් එකක් තියනවා අපේ ගෙවල් ලග අපි නිතර යන.එතන දොරකොඩ ඉතාලි ජාතිකයෙක් ඉන්නව ඒකෝඩියන් එකක් ගගහ.ළග සල්ලි දාන්න පිගානකුත් තියන්.ඒයා හිගන්නෙක්ද කලාකාරයෙක්ද කියල මම දන්නේ නෑ.ජනක ගිය දවසට එයාට කීයක් හරි දාන්න අමතක කරන්නේ නෑ.සමහර දාට කෝච්චියටත් එනවා සින්දු කියල ලගට සල්ලි ඉල්ලන ඉතාලි ජාතිකයෝ.ඒ ගොල්ලෝ පොඩි බෆල් එකයි මයික් එකයි ගිටාර් වගේ වාදන බාන්ඩෙකුයි අරන් එන්නේ.

ඒ විතරක් නෙමේ ඉතාලි ජාතිකයන්ගේ ගෙවල් වලම ගෘහ සේවිකාවෝ වගේ වැඩ කරන ඉතාලි ජාතික කාන්තාවෝ ඉන්නවා.රැකියාවල් ගැන වෙනම ලිපියක ලියන්නම්.

ඉතාලියේ සමහර ගම් පලාත් වල අදටත් තමන්ගේ ගෙවත්තේ එළවලු ටික තව කෙනෙකුට දීලා ඒ ගෙදරින් බිත්තර ටිකක් ගන්න පැරනිම හුවමාරු ක්‍රමයට ජිවත් වෙන මිනිස්සු ඉන්නවා.පාපැදි වල පටවන් සීතකාලෙට සීත නැතිවෙන්න දල්වන ගිනි උදුන් වලට දර ගෙනියන මිනිස්සු ඉන්නවා.අපේ මිනිස්සු ඒවා නොකියන්නේ මවා පාලා තියන සිහින ලෝකවලට ඒවායෙන් හානියක් වෙන නිසාත් ලංකාවේ මිනිස්සු ඒ ඇත්ත පිලි නොගන්න නිසත්.

සමහර අපි දන්න මිනිස්සු ඉන්නවා ගේදොර උගස් කරල රස්සාවල් දාලා දරු පවුල් තනි කරල මෙහේ එන.දෙයියනේ ඉන්න තැනත් තියනවනම් රස්සාවත් තියනවනම් ලංකාවෙම ඉදන් ඔලුව උස්සන්න හදන්නේ නැති හැටි.සමහර වෙලාවට අපි කිව්වම මෙහේ එන්න එපා කියල හිතන්නේ ඉරිසියාවට කියනවා කියල.එහෙනම් ඔගොල්ලො ඉන්නේ අහනවා.අපි දැන් රැල්ලට අහුවෙලා ගොඩ යන්න තමයි හදන්නේ.ඒත් මේ අලුතෙන් පනින්න එපා තමයි කියන්නේ.රට ඉන්න ගොඩ දෙනාගේ ප්‍රශ්න වැඩිවෙලා මිසක් විසදුන ප්‍රමානය නම් අඩු බව ඔය පිටරටවල ඉන්න අය තමයි දන්නේ.

ඉතාලියට ආපු දවසේ ඉදල අද වෙනකන් මම කිසිම රැකියාවක් කලේ නෑ.ඒක ඇහුවම සමහරු කියනවා අපෝ කියල.ඒ අපි හිටියනම් හම්බකරගන්නව කියල.හැමදේම සල්ලි.අද කාලේ ජිවත් වෙන්න අමාරු නිසා ඒහෙම හිතන්නේ.ඒත් ලංකාවේ ඉදන් උත්සහ කරල දිව්නු උන අය ඕන තරම් ඉන්නවා.ඉතලි ඇවිල්ලත් හැදුනේ නැති අයත් ඕනතරම් ඉන්නවා.ලාබෙට තියන වයින් බිබී රස්සාවල් නැතුව රස්තියාදු වෙන කොල්ලෝ ඕන හැටි රෝමේ ඉන්නවා.

හැබැයි තව දෙයක් තියනව රුපියලකින් ලංකාවේ ටොපියක් වත් ගන්න බැරි උනත් යුරෝ 1 කින් (මෙහේ මිනිස්සුන්ට රුපියලනේ)රොසෙත්ති(පෙඩි පාන් ගෙඩියක්)සොසේජස් 8 පැකට් 1 පලතුරු බීම පැකට් 1 (ලාබම ඒවායෙන්)ගන්න පුලුවන්.

තව දවසක තව විස්තර ලියකන්නම්.ඉතාලිය කවදාවත් මට අමතක කරන්න බෑ මගේ ලොකු බැදීමක් තියනවා මෙහේ එක්ක.මම මනමාලියක් උන බිරිදක් උන අම්මෙක් උන ඉතාලියට ලංකාවට තරම් නැතත් මම ආදරෙයි.

ඉතාලියේ zingari

සම්මත

ඉතාලියට ආපු මුල් දවස්වල මට උන සිද්දියක් තමයි අද ලියන්න හිතුවේ.ඔන්න ඉතිං ආපු මුල් කාලේ “සෙන්ගරි “කියල හදුන්වන මිනිස්සු ගැන මම දැනගෙන හිටියේ නෑ.දවසක් ඇවිදින්න යන්න කියල අපි ටර්මිනියට ගියා.මෙට්රෝ (උමන් දුම්රිය)එකෙන් ගියේ.විමසිලිමත් දෑස අනතුර හදුනාගනී කියල අනන්තවත් අහපු කාලේ ගිය හින්දද කොහේද මගේ අස්වලට මේක අහුවුනා.ටර්මිනිය කියන්නේ රෝමේ තියන කාර්යබහුල නගරයක්.කොයිවෙලෙත් සෙනග.මෙට්රෝ එකට නගින්න වගේම බහින්නත් කට්ටිය ගොඩයි.ඈතදිම මම දැක්ක මැදිවයසේ පිරිමි කෙනෙක් පිටිපස්සෙන් අනවශ්‍ය තරම් ලංවෙලා ජෝඩුවක් නගිනවා.ගැහැනු කෙනා අතේ දෙකට නවල කෝට් එක එල්ලගෙන.තෙරපිල්ල අස්සෙන් පිරිමි කෙනා සාක්කුවට අතදාලා පර්ස් එක ගන්නහදනවා.මම බයවෙලා ඒ දෙන්නගේ දිහා බලන කොට ඒ දෙන්නත් මගේ දිහා ඔරවගෙන නැග්ග මෙට්රෝ එක ඇතුලට.ඈතින් ආපු අපි එතන පහුකලේ ඒ වෙලේ.දොර වැහෙනවත් එක්කම ඒ පිරිමි කෙනා කේන්තියට කටේ තිබ්බ බබල් ගම් එකත් එක්ක කෙල මගේ පැත්තට ගැහුවා.මගේ ඇගේ නොවැදුනේ අනූනවයෙන්.ජනක ඇයි කියල අහද්දි මෙට්රෝ එක අද්දල.එයාට හරි කේන්තියි.

 

ඉතාලියේ ඔයවගේ හොරකම් වලට සෙන්ගරි හරිම ප්‍රසිද්දයි.ඉන්නේ කූඩාරම්වල සහ වාහන නිවාස වල.හරිම අපිරිසිදුයි.ඒ මොකද ඉන්න තැන්වලට වතුර නෑ.හතර පස්දෙනා එකපාර බස් එකට නැග්ගම ගදට හුස්ම ගන්න බෑ.ඒත් මනුස්ස කොට්ටාසයක්නේ කියල හිත හදා ගන්න හදනවා.අපේ පුතාට තාම අවුරුදු තුනයි.ඉතාලි වචන ටිකකුත් දන්නවා.එහෙම වෙලාවට නහය අකුලලා අම්මේ කේ පුස්සා(ගදයි)කියනවා.බස්එක සම්පුර්නෙන් වැහුනම ගද ඇතුලෙමයි.ජනක හිටියොත් උඩින් තියන පුංචි ජනෙල් පේලිය අරිනවා.

එගොල්ලො අදුරන්න ලේසි.ගොඩක් අය රත්තරන් දත් දාලා තියනවා.තරුන ගෑනු ළමයි ඇර ගෑනු අය අදින්නේ ලොකු සායවල්.හොරකන් කරන ඒවා හන්ග ගන්නේ ඒවා ඇතුලේ.හොරකමට අමතරව හිගාකෑමත් කරනවා.ඉස්කෝලෙත් නොයන නිසා පුංචි අය ඉදන්ම කරන්නේ හොරකම.මෙට්රෝ එකේ දොර වැහෙද්දි අතේ තියන ඒවා ඇදන් එලියට පනිනවා.ලොකු සාප්පු වලින් වාගේම බන්කරැල්ල කියන පාරේ තියන පුංචි කඩවලිනුත් හොරකන් කරනවා.ඇදුම් ,සුවද විලවුන්, කෑම වර්ග ඔය ඕනදෙයක් හොරකන් කරනවා.දැන් ඔයාලට හිතෙන්නේ නැද්ද ඕවට මොකද කරන්නේ කියල.

සතියක් පුරා එකතු කරන ඔයවගේ දේවල් ඉරිදට තියෙන පොළවල් වලට ගිහින් විකුනනවා.හොදම වැඩේ කියන්නේ ඉතාලි ජානිකයෝ වගේම පිටරටවල අයත් ලාබෙට හොර බඩු ගන්න පොරකනවා.අපිත් දවසක් ඔය පොලක් බලන්න ගියා.තව විස්තර ආයේ දවසක ලියන්නම්.

11 පහළ

සම්මත

අද ආයෙත් ඉස්කෝලේ සිද්දියක් ලියන්න හිතුනා.ඔන්න ඉතිං ඉස්කෝලේ නිවාස වලට වෙන් කරල තියෙනවනේ දුවන්න පනින්න.අපේ අක්ක මහාමායා නිවාසේ.අපේ මාමගේ දුවත් ඒකෙමයි.එයා නම් ඒ කාලේ නිවාස නායක කම් ගත්ත ලොකු අක්ක කෙනෙක්.මමත් ඉතින් ස්ව කැමැත්තෙන් මහාමායා නිවාසේට ගියා.ඔය විදියට සතියක් දෙකක්ම පිට්ටනියට ගිහින් ඔන්චිල්ල පැද පැද හිටියා මිසක් දුවපු දිවිල්ලක් නම් නෑ.

ඔන්න ඉතිං එකපාරටම අක්කලා පන්ති ගානේ හොයන් ඇවිත් කිව්වා අපිව නිවාස වලට බෙදල තියන පිළිවෙල.පව් අනේ මම මහාමායා නෙමේ ප්‍රජාපතී.ඒ මදිවට අපිව පිට්ටනියටත් දක්කන් ගියා දුවවලා බලන්න කියල.අපි 11 පහලට තමයි අයිති වෙන්නේ.රන්දි ,සිතාරයි තමයි ප්‍රජාපතියෙන් ඒ වෙනකොට තේරිලා හිටියේ දුවන්න.අපිවත් 10 දෙනා වගේ කාන්ඩ වලට කඩල දුවවලා බැලුවා.මම පළවෙනියා.ඊට පස්සේ කලින් තෝරල හිටි 2 එක්කත් දුවල බැලුවා.ඒත් මම 1.

නිවාසෙන් දුවල 1 උනාට වැඩක් තියනවද මීට් එක දවසටත් දුවන්න එපැයි.ඔන්න ඉතිං ඒකෙනුත් මම පළවෙනියා .අක්කලා ඇවිත් ග්ලුකෝස් දෙනවා වතුර දෙනවා හරි සැලකිලි.ඒ මදිවට 75 m ,50 m හා දුර පැනලත් 1 වෙලා ඒ අවුරුද්දේ 11 පහළ හොදම ක්‍රිඩිකාව වෙලා ලලිත් ඇතුලත්මුදලි මහත්තය අතින් සහතිකයයි කප් එකයි ගත්ත.මට මතක හැටියට ඒ කාලේ එතුමා අධ්‍යපන ඇමති.ඔය විදියට එදා දිව්වට මොකද අද නම් ඉබ්බෙක් උනත් මාව පහුකරන් දුවයි.හි…හි…

ශිවා කෙල්ලෙක්ද? කොල්ලෙක්ද?

සම්මත

අද හිතුනා office එකේ උන සිද්ධ්යක් ලියන්න.මගේ යාලුවෝ තමා දිල් , ප්‍රසා , රංගි, රිෂා, දේනි, ලක්ෂ්, වරු, හර්ෂි, මල් .කෙටියෙන් ඔහොම කිවුවට මොකද ඔය ළමයින්ගෙ නම් මේවා.දිල්රුක්ෂි ,  ප්‍රසාදිකා , රංගිලා , රිෂානි , දේනිකා , ලක්ෂ්මි , වරුණි , හර්ෂණි ,මල්මි .ඔන්න ඉතිං ඔය යාලුවො අතරින් එක්කෙනෙක් දික්කසාද වෙලා හිටියෙ.මහත්තය හිටියෙ කොරියාවෙ.එයා ටිකක් නීති කාරයා.වෙන් උනාට දෙන්නා ලියුම් ගනුදෙනු කලා ඉදල හිටල.සල්ලිත් කාලෙකට සැරයක් එවුවා.

ඔන්න ඉතිං යවපු ලිවුමකට උත්තර ඇවිත්.ලිවුම අතේ තියන් මෙයා හොදටම අඩනවා.ඇහුවත් නැතත් ඔය නඩුව මට කියනවා.

‘‘මොකද මේ …”

‘‘කමල් ලිවුමක් එවල”

‘‘ඉතිං සතුටටද අඩන්නෙ”

ඔන්න ඉතිං මට කාරනාව කිවුවා.මෙයා ඉතිං ලිවුමෙ, උඩින් මම ලිවුවා වගේ යාලුවන්ගෙ නම් ලියලා.මගේ යාලුවො මට කියන්නෙ ශිවා කියලනෙ.ඉතිං මෙයා ලියල තියෙන්නෙ ශිවා කියලමයි.කමල්ගෙ ලිවුම පටන් අරන් තිබුනෙම ‘‘කව්ද මේ ශිවා කියන්නෙ.දැන් කොල්ලොත් යාලුවොද? ඌ දෙමළද.ඌ ගැන මොකද ඔය තරම් ලියල තියෙන්නෙ.දැන්ම ඔය යාලු කම නවත්තන්න ඕන.ඔය වගේ බැනුම් ගොඩයි.

මම කෙල්ලෙක් බව ලියල යවල ඒකට උත්තර එනකම්ම යාලුවගේ හිත හදන්න වුනා අපිට.දැන් වගේ එදවස් වල skype වත් ප්‍රසිද්ධ වුනා නම් මාව හැදුනුම්පතත් එක්ක පෙන්නන්න තිබ්බා.පස්සෙ එයා ඇත්ත තේරුම් ගත්තා.හැබැයි අදටත් ඒ දෙන්නා එකතු උනේ නෑ.මං නිසා නෙමේ හොදේ.ඒනිසා නම් කෙටි කරද්දි බලාගෙන.

කුක්කු කූක් කූක් කූක්………….

සම්මත

ඔන්න එකමත් එත කාලෙක වගේ …. මේකත් ඈත කාලෙන් පටන් ගන්න ඕන කථාවක්.මතකයන්ට අමතක වෙන්න ඉඩ නොදෙන්න ඕන නිසා තමයි ලියන්න හිතුවෙ.මගේ ඉස්කොලෙ පළවෙනි දවස.

ඉස්කොලෙ තමා බෞද්ධ බාලිකා මහා විදුහල. අපේ අම්මත් ඉතිං මාව කිරි කොකා (කොකී) වගේ අන්දගෙන ඉස්කොලෙට ගියා.ඔන්න දැන් අම්මලව වෙනම තියල අපිව ප්‍රධාන ශාලාවෙ වාඩි කලා.අපි ඉස්සරහම ලොකු අක්කලා පිටි පස්සෙ.දැන් හදන්නෙ අලුත් ළමයින්ට අලුත් පොත් බෙදලා දෙන්න. විදුහල්පතිතුමී තමයි පොත් බෙදන්න හදන්නෙ.එතුමි කිව්වා පළවෙනි පොත දෙන්නෙ සින්දුවක් කියපු කෙනාට කියලා.මම ඉතිං හරි බැරි ගැහිලා නැගිටලා මෙන්න මෙහෙම කිව්වා.

                                    කුක්කු කූක් කූක් කූක්

                                     හරි ලස්සන කුකුල් පැටියා

                                    දිලිසෙන හොට කහ පාටයි

                                    සීන් සිනිදු කරමලයත්

                                    පට නූලෙන් එතුවා වගේ

ඔය සින්දුව අම්මා කියලා දුන්නෙ.කාගෙ  සින්දුවක්ද කියන්න නම් මම දන්නෙ නෑ.මට තමයි ඉස්සෙල්ලම පොත් දුන්නෙ.එතකොට ගත්ත පින්තූරයක් තාම අම්මා ගාව තියකවා.එකෙ මට පිටිපස්සෙ නයනා නිලන්ති /මනුකලා ලියනගේ/නිලුෂා සංජීවනි හිටියා.එදා අම්මට හරි සතුටුයි.අලුත් පොත් ලැබිලා මටත් එහෙමයි.