Category Archives: කවි

මුතු මාල බන්දා

සම්මත

මුතු මාල බන්දා

පෝරුව මත රන්දා

ඇය ගෙන ආ දිනය අදයි

මගේ හදවත බින්දා

 

මුතු මල් ඉහිරේවා

සෙනෙහස ළං වේවා

ඔබ හිනැහෙන විට

හිනැහෙනු නොහැකිව මගේ හද ඉකි බින්දා

 

දියෙන් ගොඩ දැමු ළද

සම්මත

මෙම රෑපය gossip lanka වෙතින් උපුටා ගතිමි.

මෙම රෑපය gossip lanka වෙතින් උපුටා ගතිමි.

ළදක් ගොස් අග පසග

විදා දන තුටින් හොරැහින්

බලා ලොල් වඩා යටැසින්

ගියා ඈ සොයා ඈතින්

 

සුවද දන මන පිනනා

ඈ යනෙන විටදි තුටිනා

රකිනු තව කිමා පන්සිල්

ඇයයි අංගනා………….

 

ඇයම ගොඩදමා දිය වලකින්

ඉදිමුනා ඇගේ වත සැරොවින්

හමා කුනු ගදක් එදෙසින්

දනා රැස්වුනා

1

හැමු විටදි දුගදට

වසා නාස් පුඩු හනිකට

කව්ද කලේ මේ හදිය

කිවා ‍‍”පව් මෙයා”

1

ඉන් එහා තවෙකෙක්

දැකා ඇගේ ලැමා පොඩි වුන

ලොල් වඩනු වෙනු වට

ඇකිලුනා මුහුන අපුලට නාසේ වසමිනා

1

ඇයට ලොල් වැඩු කිසිවෙක්

සිටියේ නම් නැතේ තනියට

දුවගොසින් නිවසට

මුහුන සෝදනු විනා…………………………..

 

ආදරේට මේතරම්

සම්මත

ආදරේට මේතරම්

ලෝභවෙන්න මට හිතුනේ

ඔබේ නෙත් මුන ගැසුන විට

නොසිතුසේ…………..

1

නිහඩ කවියක් වෙලා

මා වටා දැවටිලා

ආදරය සිත්තම් කලා

ලෝභකම වඩවලා…………..

මල් කුනාටුව.

සම්මත

මල් කුනාටුවක

මල් ඇහිදිද්දි …..

ළගින් ඉන්න බැරි ඔබට

ළං වෙලා හීන මවන

මං තරම් මෝඩියක් ………….

මේ ලෝකේ වෙන කොහිද

1

මල් ඇහිදිද්දි

මගේ ලග තනි රුක්ක නැති ඔබෙන්

සුළි කුනාටුවකදි

රැක වරනයක් පතමීද

කෙ‍ලෙසකින්.

අමල් බිසෝ

සම්මත

අගුලු කඩා බිද දමලා

දොර අරින්න අමල් බිසෝ

කාමාතුර පාපතරයෝ

ගෙයි වගේම එළිපත්තෙත්

1

අගුලු ලාන් හිටි හැටියට

හිටියා කියල වැඩක් වෙයිද

පිය කමටත් නිගා කරන

කාමතුරයෝ වැහි වැහැලා

1

ලෝකය දැන් වෙනස් වෙලා

සල්ලාලයෝ ඇත පිරිලා

බිම බලාන අයින් වෙලා

හිටියොත් ඇති බේරීලා

1

දැන් ඇත්තේ මේ ලෝකේ

තමාට තම පිහිටම පමණයි

උඹ ගිලින්න බලන් ඉන්න

සිය දහසක් ඇස් පරයා

රැකියන් උඹ අමල් බිසෝ

‍‍‍‍බේබි සිටර්

සම්මත

පඩියක් කිසිම දිනයක                                   නොයිල්ලනා

කෑමක් බීමක් කිසිදින                                      නොගන්නා

ඉල්ලීම් වර්ජන වැටුප් වැඩිවීම් ගැන                   නොදන්නා

‍‍‍‍බේබි සිටර් මගේ මේසේ උඩ                                 ඉන්නා

n

අලුත් පරන කිසි ඇදුමක් වැඩක්                               නැතී

බැන්නත් නොබැන්නත් ගානක්ම                             නැතී

ඉදහිට ගහන තට්ටුවටත් අහිතකුත්                            නැතී

මගේ බේබි සිටර් වැඩ                                    නොනැවතී

n

මං උයන පිහන විටදිත් දරුවන්                             බලනා

මං නාන රෙදි හෝදන විටදිත් වැඩ                        කරනා

අලුතින් ගෙනාවොත් මිස විසි                           නොවනා

අගල් 32 බේබි සිටර් මේසේ උඩ                        ඉන්නා

 n

ඉවුම් පිහුම් මැහුම් ගෙතුම් වැඩක්                           නැතී

රටේ තොටේ විස්තර ඉදහිට තිබුනොතින්                 ඇතී

උදේ ඉදන් රෑ වෙනකන්                               නොනැවතී

කාටුන් කාටුන් හා තව තව කාටුන් ගියොතින්ම        ඇතී

n

නෑයන්ගේ ආඩම්බර මං                               බලන්නැතී

ගත්තා දුරස්තය on කලාම                                    ඇතී

දරුවා නැලවි නැලවි බලමින්                                සිටිතී

රෑපවාහිනී බේබි සිටර් මට හිටියොතින්                   ඇතී