Category Archives: රෑප

කුරුලු රෑන

සම්මත

මේවා මම 2009.12.30 මගේ phone එකෙන් ගත්ත පින්තූර 2ක්.සීත කාලේ පටන් ගන්න කොට සමහර ගස් තියනවා සම්පුර්නයෙන්ම කොල හැලෙන.ඒවා නොමැරී තියල ආයෙත් රස්නෙ පටන් ගන්න කොට දලු දානවා.සීත පටන් ගන්න කොට කුරුල්ලෝ රෑන් පිටින් යනවා රස්නේ රටවල් වලට.ඒ රෑන්වල කුරුල්ලෝ ගනන් කරන්න බැරි තරම් ඉන්නවා.(අඩුම තරමේ 10000 විතර)ඒ ගොල්ලෝ ඒ යන ගමනේ ටික වේලාවක් ගස්වල වහල නවතිනවා.ඒ වෙලාවට ඔක්කොම එකට කෑගහන නිසා හරිම සද්දයි.සමහර වෙලාවට අහසේ රටා මවනවා එක රෑනට පියාඹලා.

මම ආස රෑනම පියාඹලා යද්දී ඇස් වහන් උන්ගේ සර සර ගාලා වදින පිහාටු සද්දේ අහන්න.(හැබැයි වර්චස් පිඩක් හෙලුවොත් තමා වැඩේ.තාමනම් වෙලා නෑ)

මේ පින්තූර මම ගත්තේ ඔය වගේ පොඩි රෑනක්  එක කොලයක් වත් නැති ගහක කොල වගේ වහල ඉන්න වෙලාවක.දැන් මේ දවස් වලත් කුරුල්ලෝ හරියට ඉන්නවා.මට දැනුත් එළියේ සද්දේ ඇහෙනවා.මේක zoom කරල බලන්න කුරුල්ලෝ පේනවා.මේ 2 එකම තැන ගත්ත ඒවා.

මේ රෑනෙන් බාගයනක් පියාඹනවා බාගයක් ගහේ වහනවා.ආයෙත් ඉගිලෙනවා.ඇත්තටම හරිම සුන්දරයි ඒ සිද්දිය බලන් ඉන්න.

Advertisements

ඉන්දියාවෙ මිනිස්සු කෝච්චියේ යන පහසුව

පින්තූරය

                         

           

මෙහෙම ගියොත් කෝච්චියේ…….

මොකක් වෙයිද හපොච්චියේ……..