Category Archives: සටහන්

තේරවිල්ල 2

සම්මත

හැමදාමත් කවිම තිබුනොත් බලන්නත් කම්මැලි නිසා ආයෙත් ජනක කියපු තේරවිල්ලක් ලියන්න හිතුනා.ඔන්න මෙහෙමයි කථාව.

යාලුවෝ 3 දෙනෙක් කෙසෙල් කැනකුත් අරන් යන අතර රෑ බෝවුන නිසා අම්බලමක නතර වෙලා නින්දට යනවා.මේ කැන තුන්දෙනාටම සමානව අයිතියි.රෑ නැගිටින එක යාලුවෙක් බඩගින්නට කෙසෙල් කන්න හදල තුන්දෙනාටම අයිති එකේ  කෙසෙල් ටික ගැනල සමානව තුනට බෙදනවා.1 වැඩිපුරත් තියනවා.ඒයා එයාගේ කොටසයි වැඩිපුර තිබුන එකයි කාලා නිදාගන්නවා.පස්සේ දෙවනියත් නැගිටල පළවෙනියා කාලා ඉතුරු ටික සමානව 3 බෙදල බලන කොට වැඩිපුර එකකුත් තියනවා.එයත් එයාගේ කොටසයි සමානව බෙදල ඉතුරු උන වැඩිපුර එකයි කාලා නිදා ගන්නවා.තුන් වෙනියත් නැගිටල අර විදියටම සමානව බෙදල එයාගේ කොටසයි වැඩිපුර ඉතුරු වෙන එකයි කාලා නිදාගන්නවා.

උදේ  කන්න ලෑස්තිවෙලා කෙසෙල් ටික බෙදනවා.මෙන්න තියන ටික සමානව බෙදෙනවා.වැඩිපුර කාපු බව තමතමන් දන්න එකේ සමානව බෙදුන තමන්ගේ කොටස සතුටින් කාලා පිටවෙලා යනවා.

ප්‍රශ්න තමා,

1.මුලින්ම කෙසෙල් කැනේ තිබුන සම්පූර්න ගෙඩිගාන කීයද ?

2.එක එක්කෙනා හොරෙන් කාපු පිලිවෙල මොකක්ද ?

3.උදේ ඉතිරු වෙලා සමානව බෙදුවේ කීය ගානෙද ?

කම්මැලි නොවී හිතුවොත් අමාරු නෑ.පෑනක් කොලයක් අරන් කටු සටහනක් ගහගත්තොත් තවත් ලේසි වෙයි.කැමති කෙනෙක් ඉන්නවනම් උත්තරේ ලියන්න.

Advertisements

දෙහි ගෙඩියේ තේරවිල්ල.

සම්මත

මට හිතුනා අද තේරවිල්ලක් ලියන්න.මේක මගෙන් ඇහුවේ මගේ මහත්තය ජනක.දන්න අයත් ඇති.නොදන්න අයත් ඇතිනේ.ඔය කාට කාටත් එක්ක ඔන්න ලියන්නම්.

දෙහි ගෙඩි 9 තියනවා.මේවා ප්‍රමාණයෙන් බැලු බැල්මට එක සමානයි.නමුත් බරින් එක සමාන ගෙඩි 8 විතරයි.1ගෙඩියක් විතරක් බරින් වැඩියි.ඔයාලට ඔන්න තරාදියකුත් දෙනවා.හැබැයි 2පාරකින් කිරලා තෝරන්න ඕන බර වැඩි ගෙඩිය.හරිනේ.බෑ කියල හිතන්න එපා පුළුවන්.උත්තරේ දැන්ම ලිවුවොත් වැඩක් නෑනේ.හෙට ලියන්නම්.

කාට හරි උත්තරේ ලියන්න හිතුනොත් ප්‍රතිචාරයක් විදියට ලියන්න.මම හරිද කියන්නම්. 

ජිවිතය…….

සම්මත

ජිවිතය සිහිනයක් නම්

ඒ සිහිනයට ඉඩදී නොයිද

අවදිවන්න

අවුල් වියවුල් පැටලුම්

ලිහමින්

වෙර වීරියෙන්

ගෙවන්නට උත්සාහ දරන්න

එය නියම ජිවිතය වනු ඇත.

ගිනි තියන්නේ රාමවද? රාවනවද?

සම්මත

ඊයේ Dusshera දිනයයි.ඒක මම දැන ගත්තේ අපේ ගේ ළග ඉන්න ඉන්දියානු පවුලේ අයගෙන්.අවුරුදු 12 රින්කු කියල පුතෙක්.[මගේ පුතා එයාට අක්කෙමයි කියන්නෙ ඒ ඒගොල්ලො සික් නිසා කොන්ඩේ වවල ඉන්න හින්දා]එයා මගෙන් අහනවා අපිත් අද රාවනව ගිනි තියනවද කියල.ඒ එක්කම එයාගෙ අම්මත් ආවා.එයත් මගෙන් ඒකම ඇහුවා.මම නෑ කිව්වා.ඒ ගමන අහනවා රාමවද ගිනි තියන්නෙ කියල.මම දුන්නේ මේ උත්තරේ.

“අනේ නෑ.අපි බෞද්ධ.අපේ ආගමට අනුව කාවහරි ගිනිතියනවා කියන්නේ නරක දෙයක්.පවක්.අපේ උත්සව තමයි වෙසක් හා පොසොන්.අපි එදාට පන්සල් යනවා.හැමතැනම මිනිස්සු එකතු වෙලා හට් ගහල කෑම බීම නිකන් දෙනවා.ඒවට කියන්නෙ දන්සල් කියල.මරන්න ඉන්න සත්තු නිදහස් කරනවා”කියල .ඒක කිව්වට පස්සෙ මට අපේ ආගම ගැන ලොකු ගෞරවයක් දැනුනා.

ඒ ඒ රටවල සිරිත් වලට ගරහන්න අපිට අයිතියක් නෑ.ඒත් හිතට දුකක් දැනුනා.අපේ රටේ මිනිස්සු රාවනව වලදාලා තියන එකේ ඒගොල්ලො මතක් කර කර ගිනිතියන එකත් නරකම නෑ.

අපූරු පිළිගැනීම.

සම්මත

මේක අහන්න ලැබුන දෙයක්.දැන් ඉතිං ඡන්ද කාලෙනෙ.ඔන්න ඉතිං හදිසියෙන් ආපු දන්න අදුනන කෙනෙක් මෙහෙම කියල තියනවා.‘‘ අක්කෙ අපේ පුතා ඡන්දේ ඉල්ලනවා.බීම බෝතල් 2 මල් මාලයයි දෙන්නම් පිළිගන්න පුලුවන්ද ?කියල.මේකට බෑ කියන්න බැරි ඒ මනුස්සයා චන්ඩි ලැයිස්තුවෙ කෙනෙක් නිසා.තාත්තා එහෙම උනාට පුතා හොඳ ළමයෙක්ලු.ගමේ හැම තැනම මේ වගේ පිළිගැනීම් දෙතුන් සීයක් තාත්තා ලෑස්ති කරලා තියනවා.තාත්තාගේ උවමනාවට පිළිගැනීම් නම් කලා.දැන් බලමු ඡන්දෙත් තාත්තාගෙ කීමට ලැබෙයිද කියල.1 ට එනවයි කියපු අය පිළිගන්න ගන්න ඇවිල්ලා තියෙන්නෙ රෑ 7ට .ගමේ මිනිස්සු කොහොම පිළිගැනීමක් පිළි අරන්ද?හි…..හිහ්……..