Category Archives: සිංදුවට ලිව් කථා

මලක් සිඹින්නදී………..

සම්මත

අදද පැය 2 වඩා බලන් හිටියද අමන්දා තවමත් නැත.ඊයේ හමුවීමට පොරොන්දු වී ගියද අදද මගබලා සිට මම වෙහෙසට පත් වෙලාය.කරදරයක් වත්ද.අපේ සම්බන්දය ගැන ගෙදරට ටික ටික ආරංචි ලැබුනද පැහැදිලි කැමැත්තක් හෝ තදබල විරෝදතාවයක්ද පලවී නැති නිසා ඇයගේ වෙනසට හේතුව හරි හැටි තේරුම් ගත නොහැකිය.ඊයේ කාර්යාලයට යන විටද රතු ඉර වැදී තිබිනි.අදත් ඒ ටිකය.ඇගේ ජංගම දුරකතනයද  ක්‍රියා විරහිත කොට ඇත.හවස නිවස අසලින් කිහිප විටක් ගියද තොරතුරක් සොයා ගැනීමට නොහැකි විය.මේනකාට කතා කලද ඇය කීවේද තොරතුරක් නොදන්නා බවය.

“තව ටිකක් බලනවා”මම මටම කීයා ගතිමි.

ඊට ටික මොහොතකට පසු ඈතින් ඈ එනු පෙනින.වෙනදා හිනාව ඈ මවාගත්තේ ආයාසයෙනි.

” මොකද උනේ”මම ඈත තියාම ඇසුවෙමි.

” තාත්තට අපි ගැන ආරංචි වෙලා.ඔයා ගැන හොයල.ඔයාලගේ අම්මලා දික්කසාද උන විස්තරත් හොයාගෙන.තාත්ත කැමති නෑ.office යන්නත් එපා කිව්වා.අපේ සම්බන්දේ නවත්තන්න කිව්වා.මම හා කියල කොහොම හරි office යන්න කැමති කරගත්ත.මම වෙනස් වෙලා නෑ.තාත්ත පස්සෙන් එයිද දන්නේ නෑ.මම යනවා.ගිහිල්ලා කථා කරන්නම්.”ඇය එක හුස්මට කියාගෙන ගියාය.

“දෙමව්පියන්ගේ වැරදි වලට වන්දි ගෙවන්න ඕනත් මමද”

ඇය ඇස්වල කදුලු පුරවගෙන බසයට ගොඩ විය.මම වාවාගත නොහැකිව බිම බලා ගතිමි.

‍ෙ

මලක් සිඹින්නදී

යලි උදුරා ගන්නනම් ‍එපා

නු‍ඹේ සෙනෙහේ පුදා මා රවටා

යන්න නම් එපා

මහමෙරක් තරම් ඔබ ගැන මැව්

ප්‍රේම කල්පනා

සැඩ සුළං රොදක මුසුවේනම් දැනෙයි වේදනා…


දුවිල්ලක තරමකවත්

නුබ හිතන් එපා අහිතක්………..//

ඔබ නොදැක ඉන්න මොහොතක්

මට කල්ප කා..න්තරයක්


මලක් සිඹින්නදී………………..

පවනැල්ලක දැවටීවත්

මට එන්න හිතෙයි රහසින්……..//

පෙර අත්බවයක පැතුමින්

අපි සෙනෙහේ පුරමු රහසින්

‍ෛ

මලක් සිඹින්නදී……………..

ගායනය – ප්‍රින්ස් උදයප්‍රියන්ත

අහල බලන්න එච්චර ප්‍රසිද්ද නැති උනාට ලස්සන සිංදුවක්.SLHITS.COM එකේ තියනවා.මම ඒකට පොඩි කථාවක් එකතු කලා.

Advertisements