Category Archives: Uncategorized

ගැහැනියකග්‍ෙ ලෝකය

සම්මත

ලෝකය වෙනුවෙන් මා අත්හල ඔබද

මා වෙනුවෙන් ලෝකය අත්හල ඔබද

ලෝකය මායැයි සිතන්නට වෙරදරන ඔබද

ලෝකය ම මා යැයි සිතන ඔබද

ලෝකය හෝ මා ගැන තවම නොවැටහ‍ෙන ඔබද

මට මග්‍ෙ මුළු ලෝකයම වන්නීය.

කල්පයක් තරම් කල්….

සම්මත

කල්පයක් තරම් කල්

ගෙවී ගොස් අද වගේ

මං නිසා නුඹේ නෙතේ

ගැලූ කදුළැල් වගේ

හද පුරා හිනැහෙන්න

බෑ මගේ සිත ඇතුලේ

නුඹට දුන් වේදනාව

ඇත සැගවිලා පතුලේ

මං හින්ද නුඔ හැඩුව

කදුලු වලට හරියන්න

ළං වෙන්න වෙන්නේ මට

යළි උපදිනා විටක

ජනක

සම්මත

ඔබ උන්නා

මට දුක දී

කිසි දිනකදි මා 

නොදකිනු රිසි තැනක

 

හිත බිදුනා

ඔබ දුටු විට 

‍ලෝකය කැරකුනා

මා දෑස් ඉදිරිපිට

1

රෝහල් කොරිඩෝව දිගේ දුවවිත්

නැවතී ඔබ අසල 

හැඩුවා මා වාවනු බැරිව

ඔබ උන්නා ආයාසයෙන් හිනැහී

මගේ හිත සනසනු බැරිව

1

රුහිරු ගලාගොස් තිබුනා

ඒ අදුරු මොහොත තුල

ඔබ රැකුනා මට එයම ඇතී

මා හැඩුවා දුක වාවනු බැරිව.

                                                     2011.11.23

ගැහැනු මගේ සිත..

සම්මත

ප්‍රේමය බිදී මා තනිවූවෙමි

කුමක් කරන්නද

මුහුදු වෙරලේ ඈතින් ඈතට

ඇවිද යන්නද

වෙරළ කොනක සිට ඉර බැස යන තුරු

බලා ඉන්නද

මත් වී සිහි මද වනතුරු මදුවිත

තොල ලන්නද

බඹර මතින් අවසිහියෙන්

නන් දොඩවන්නද

ගමරට හැරදා

දුරක යන්නද

මේ මොනදේ කරන්නත් 

හරස්වී ඇත

මගේ ගැහැනු කම

ලොවට පෙනෙන්නට සිනාසී 

තනිව හඩන්නම්

එපමනක් නම් දරාගත හැක

ගැහැනු මගේ සිතට.

ඉන්දියාවෙ මිනිස්සු කෝච්චියේ යන පහසුව

පින්තූරය

                         

           

මෙහෙම ගියොත් කෝච්චියේ…….

මොකක් වෙයිද හපොච්චියේ……..

මට ඔබ හමු විය …..

සම්මත

මා ඔබ සෙව්වෙමි

හතර අත

හඬ හඬා

දුක කියාගත නොහැකිව

කලකට පසුව

ඔබ නොසොයා

මම මා සෙව්වෙමි

එවිට මට ඔබ හමු විය …..