අමල් බිසෝ

සම්මත

අගුලු කඩා බිද දමලා

දොර අරින්න අමල් බිසෝ

කාමාතුර පාපතරයෝ

ගෙයි වගේම එළිපත්තෙත්

1

අගුලු ලාන් හිටි හැටියට

හිටියා කියල වැඩක් වෙයිද

පිය කමටත් නිගා කරන

කාමතුරයෝ වැහි වැහැලා

1

ලෝකය දැන් වෙනස් වෙලා

සල්ලාලයෝ ඇත පිරිලා

බිම බලාන අයින් වෙලා

හිටියොත් ඇති බේරීලා

1

දැන් ඇත්තේ මේ ලෝකේ

තමාට තම පිහිටම පමණයි

උඹ ගිලින්න බලන් ඉන්න

සිය දහසක් ඇස් පරයා

රැකියන් උඹ අමල් බිසෝ

‍‍‍‍බේබි සිටර්

සම්මත

පඩියක් කිසිම දිනයක                                   නොයිල්ලනා

කෑමක් බීමක් කිසිදින                                      නොගන්නා

ඉල්ලීම් වර්ජන වැටුප් වැඩිවීම් ගැන                   නොදන්නා

‍‍‍‍බේබි සිටර් මගේ මේසේ උඩ                                 ඉන්නා

n

අලුත් පරන කිසි ඇදුමක් වැඩක්                               නැතී

බැන්නත් නොබැන්නත් ගානක්ම                             නැතී

ඉදහිට ගහන තට්ටුවටත් අහිතකුත්                            නැතී

මගේ බේබි සිටර් වැඩ                                    නොනැවතී

n

මං උයන පිහන විටදිත් දරුවන්                             බලනා

මං නාන රෙදි හෝදන විටදිත් වැඩ                        කරනා

අලුතින් ගෙනාවොත් මිස විසි                           නොවනා

අගල් 32 බේබි සිටර් මේසේ උඩ                        ඉන්නා

 n

ඉවුම් පිහුම් මැහුම් ගෙතුම් වැඩක්                           නැතී

රටේ තොටේ විස්තර ඉදහිට තිබුනොතින්                 ඇතී

උදේ ඉදන් රෑ වෙනකන්                               නොනැවතී

කාටුන් කාටුන් හා තව තව කාටුන් ගියොතින්ම        ඇතී

n

නෑයන්ගේ ආඩම්බර මං                               බලන්නැතී

ගත්තා දුරස්තය on කලාම                                    ඇතී

දරුවා නැලවි නැලවි බලමින්                                සිටිතී

රෑපවාහිනී බේබි සිටර් මට හිටියොතින්                   ඇතී

ජනක

සම්මත

ඔබ උන්නා

මට දුක දී

කිසි දිනකදි මා 

නොදකිනු රිසි තැනක

 

හිත බිදුනා

ඔබ දුටු විට 

‍ලෝකය කැරකුනා

මා දෑස් ඉදිරිපිට

1

රෝහල් කොරිඩෝව දිගේ දුවවිත්

නැවතී ඔබ අසල 

හැඩුවා මා වාවනු බැරිව

ඔබ උන්නා ආයාසයෙන් හිනැහී

මගේ හිත සනසනු බැරිව

1

රුහිරු ගලාගොස් තිබුනා

ඒ අදුරු මොහොත තුල

ඔබ රැකුනා මට එයම ඇතී

මා හැඩුවා දුක වාවනු බැරිව.

                                                     2011.11.23

අහස් යානයක් දැක

සම්මත

අහස් යානයක් දැක                           තුටින්

අත්පුඩි ගසමි උඩ                             බලන්

මටත් යන්නට ඇත්නම්                     ඉතින්

හරිම ආසයි                                    උඩින්

a

කුරුල්ලෙකු වගේ තටු                      සලා

නොහැක යන්න                         ඉගිලිලා

ආසයි යන්න                               පියඹලා

තව රට රටවල්                                බලා

a

උඩින් යන උන්                              ඉතින්

අපිට විරිත්තයි                          හොරෙන්

තවත් ළිං ගෙම්බෙකු                    ලෙසින්

ඉදිමි මං උඩ                                 බලන්

ඉතාලිය ගැන මගේ ඇසින්.

සම්මත

සෙන්ගරි ගැන ලිව්ම මට හිතුනා ඉතාලිය ගැන තව ටිකක් ලියන්න.බොහෝ දෙනා හිතන් ඉන්නේ ඉතාලිය සුරපුරක් කියල.ඒකට ප්‍රධානම හේතුව මෙහේ ඉදල යන බෝහෝ දෙනා ලංකාව තුල මවන්න උත්සාහ කරන්නේ ඒ වගේ ප්‍රති රෑපයක්.අවුරුද්දක් මෙහේ දුක් විදල හම්බකරල ඒත් හතර අතටම නයවෙලා ලංකාවට ගිහින් කවදාවත් දුවිල්ලක් වත් නොඅල්ලපු ගානට තමයි මින්ස්සු හැසිරෙන්නේ.අපිට නම් සල්ලි ගානක් නෑ කියල තමයි පෙන්නන්න හදන්නේ.ඒකෙන් වෙන්නේ ඒ දුක්විදල හොයපු සල්ලි ඒවා ලබන්නන්ට ගානක් නැතුව යන එක.වටිනාකමක් නැතුව යන එක.

ඔය කොයි කොයි රටෙත් දුප්පත් පොහොසත් හැම කෙනාම ජිවත් වෙනවා.ඉතාලියෙත් එහෙමයි.SMA  කියල මාකට් එකක් තියනවා අපේ ගෙවල් ලග අපි නිතර යන.එතන දොරකොඩ ඉතාලි ජාතිකයෙක් ඉන්නව ඒකෝඩියන් එකක් ගගහ.ළග සල්ලි දාන්න පිගානකුත් තියන්.ඒයා හිගන්නෙක්ද කලාකාරයෙක්ද කියල මම දන්නේ නෑ.ජනක ගිය දවසට එයාට කීයක් හරි දාන්න අමතක කරන්නේ නෑ.සමහර දාට කෝච්චියටත් එනවා සින්දු කියල ලගට සල්ලි ඉල්ලන ඉතාලි ජාතිකයෝ.ඒ ගොල්ලෝ පොඩි බෆල් එකයි මයික් එකයි ගිටාර් වගේ වාදන බාන්ඩෙකුයි අරන් එන්නේ.

ඒ විතරක් නෙමේ ඉතාලි ජාතිකයන්ගේ ගෙවල් වලම ගෘහ සේවිකාවෝ වගේ වැඩ කරන ඉතාලි ජාතික කාන්තාවෝ ඉන්නවා.රැකියාවල් ගැන වෙනම ලිපියක ලියන්නම්.

ඉතාලියේ සමහර ගම් පලාත් වල අදටත් තමන්ගේ ගෙවත්තේ එළවලු ටික තව කෙනෙකුට දීලා ඒ ගෙදරින් බිත්තර ටිකක් ගන්න පැරනිම හුවමාරු ක්‍රමයට ජිවත් වෙන මිනිස්සු ඉන්නවා.පාපැදි වල පටවන් සීතකාලෙට සීත නැතිවෙන්න දල්වන ගිනි උදුන් වලට දර ගෙනියන මිනිස්සු ඉන්නවා.අපේ මිනිස්සු ඒවා නොකියන්නේ මවා පාලා තියන සිහින ලෝකවලට ඒවායෙන් හානියක් වෙන නිසාත් ලංකාවේ මිනිස්සු ඒ ඇත්ත පිලි නොගන්න නිසත්.

සමහර අපි දන්න මිනිස්සු ඉන්නවා ගේදොර උගස් කරල රස්සාවල් දාලා දරු පවුල් තනි කරල මෙහේ එන.දෙයියනේ ඉන්න තැනත් තියනවනම් රස්සාවත් තියනවනම් ලංකාවෙම ඉදන් ඔලුව උස්සන්න හදන්නේ නැති හැටි.සමහර වෙලාවට අපි කිව්වම මෙහේ එන්න එපා කියල හිතන්නේ ඉරිසියාවට කියනවා කියල.එහෙනම් ඔගොල්ලො ඉන්නේ අහනවා.අපි දැන් රැල්ලට අහුවෙලා ගොඩ යන්න තමයි හදන්නේ.ඒත් මේ අලුතෙන් පනින්න එපා තමයි කියන්නේ.රට ඉන්න ගොඩ දෙනාගේ ප්‍රශ්න වැඩිවෙලා මිසක් විසදුන ප්‍රමානය නම් අඩු බව ඔය පිටරටවල ඉන්න අය තමයි දන්නේ.

ඉතාලියට ආපු දවසේ ඉදල අද වෙනකන් මම කිසිම රැකියාවක් කලේ නෑ.ඒක ඇහුවම සමහරු කියනවා අපෝ කියල.ඒ අපි හිටියනම් හම්බකරගන්නව කියල.හැමදේම සල්ලි.අද කාලේ ජිවත් වෙන්න අමාරු නිසා ඒහෙම හිතන්නේ.ඒත් ලංකාවේ ඉදන් උත්සහ කරල දිව්නු උන අය ඕන තරම් ඉන්නවා.ඉතලි ඇවිල්ලත් හැදුනේ නැති අයත් ඕනතරම් ඉන්නවා.ලාබෙට තියන වයින් බිබී රස්සාවල් නැතුව රස්තියාදු වෙන කොල්ලෝ ඕන හැටි රෝමේ ඉන්නවා.

හැබැයි තව දෙයක් තියනව රුපියලකින් ලංකාවේ ටොපියක් වත් ගන්න බැරි උනත් යුරෝ 1 කින් (මෙහේ මිනිස්සුන්ට රුපියලනේ)රොසෙත්ති(පෙඩි පාන් ගෙඩියක්)සොසේජස් 8 පැකට් 1 පලතුරු බීම පැකට් 1 (ලාබම ඒවායෙන්)ගන්න පුලුවන්.

තව දවසක තව විස්තර ලියකන්නම්.ඉතාලිය කවදාවත් මට අමතක කරන්න බෑ මගේ ලොකු බැදීමක් තියනවා මෙහේ එක්ක.මම මනමාලියක් උන බිරිදක් උන අම්මෙක් උන ඉතාලියට ලංකාවට තරම් නැතත් මම ආදරෙයි.